Back to Top

මැතිවරණ උණුසුම අස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය පැන් බොයි

මැතිවරණ උණුසුම අස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය පැන් බොයි

February 10, 2018  01:11 pm

Bookmark and Share
Ad


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු  215 කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. 

තුන්වන දිනය වූ අද තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 200ක් රැස් කරගෙන සිටි අතර දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 226ක් රැස් කළේය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිම වෙනුවෙන් හිමිවූ ඉලක්කය ලකුණු 339 ක් වන අතර ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 123ක් පමණි.

අකිල ධනංජය බංග්ලාදේශ කඩුලු 05ක් දවා ගත් අතර රංගන හේරත් කඩුළු 04 ක් ක් බිඳ හෙළීමට සමත් විය.

දෙරට අතර පැවති පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඒ අනුව තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ 01 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.