Back to Top

පරීක්ෂණවලට සහය දෙන්න තායිවාන් බැංකු නිලධාරීන් දිවයිනට

පරීක්ෂණවලට සහය දෙන්න තායිවාන් බැංකු නිලධාරීන් දිවයිනට

October 12, 2017  09:16 am

Bookmark and Share

තායිවාන ෆා ඊස්ටන් බැංකුවේ ඩොලර් මිලියන 60තට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා එම බැංකුවේ නියෝජිතයෙකු සහ එරට විමර්ශන නිළධාරීන් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඊයේ(11) එම නිළධාරීන් තිදෙනා දිවයිනට පැමිණි බවයි.

තායිවාන ෆා ඊස්ටන් බැංකුවේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වී එහි ඇමරිකානු ඩොලර් මිලියන 60කට අධික මුදලක් වෙනත් ගිණුමකට හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අනාවරණය වී තිබුණි.

එම සිද්ධියට ශ්‍රී  ලාංකිකයින් ද සම්බන්ධ වී ඇති බවට ලැබුණු තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළ අතර විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකුගේ පුත්‍රයෙකු සහ ලිට්රෝ‍ සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ යන අය සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.