Back to Top

ආණ්ඩුවට එරෙහි අරගලයෙන් ඒකාබද්ධය පසු බසින්නේ නෑ

ආණ්ඩුවට එරෙහි අරගලයෙන් ඒකාබද්ධය පසු බසින්නේ නෑ

October 12, 2017  07:25 am

Bookmark and Share
කුමන අභියෝග එල්ල වුවද ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව අඛණ්ඩව අරගල සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පැවැසිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පෙන්වාදෙන්නේ විපක්ෂයේ හඬ මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පියල් නිශාන්ත මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.