Back to Top

ඉන්දීය ධීවර ගැටලුව ගැන  විශේෂ සාකච්ඡාවක් නවදිල්ලියේදී

ඉන්දීය ධීවර ගැටලුව ගැන විශේෂ සාකච්ඡාවක් නවදිල්ලියේදී

October 12, 2017  07:14 am

Bookmark and Share
ඉන්දීය ධීවර ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉන්දියාවේ නවදිල්ලි හීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ඉන්දියාවේ කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව අනිද්දා(14) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය ධීවර යාත්‍රා මෙරටට ඇතුළු වීම සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා සිදුකරන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා වල එක් අදියරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

අමාත්‍යවරුන්ගේ සාකච්ඡාව පැවැත්වීමට පෙර හෙට(13) දිනයේ දෙරටේ අමාත්‍යංශ නිලධාරීන්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සාකච්ඡාවට සහභාගී වීම සඳහා අමාත්‍ය මහින්ද අමරවිර මහතා අද(12) රාත්‍රියේ දීවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඉන්දීය ධීවර ගැටලුවට ඉන්දීය බලධාරීන් යහපත් ප්‍රතිචාර දැක්වීමත් සමඟ මෙරට භාරයේ තිබූ ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ද රජය පියවර ගනු ලැබීය.

ඒ අනුව මේ වන විට ඉන්දීය ධීවර යාත්‍රා 42ක් ඉන්දීය බලධාරීන් වෙත භාරදී ඇති බව ධීවර අමාත්‍යංශය  සදහන් කළේය.


MOST VIEWED VIDEO STORIES