Back to Top

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව 6වන තැනට

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව 6වන තැනට

October 11, 2017  09:42 am

Bookmark and Share
අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්හි හය වන ස්ථානය වෙත පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ ඊයේ(10) දිනයේ අවසන් වු ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්හි හත් වන ස්ථානයේ රැඳි සිටි අතර පාකිස්ථාන කණ්ඩායම හය වන ස්ථානයේ පසු විය.

ඉන්දීය කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි මේ වන විට පළමු ස්ථානයේ රැදි සිටියි.

දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවත්, තෙවන ස්ථානය එංගලන්තයත් හිමිකරගෙන තිබේ.

ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන 20/20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩම ඊයේ(10) සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 118ක් ලබා ගත්තේය.

කෙඩාර් ජාදව් ලකුණු 27යි.

පන්දු යැවීමේ දී ඔස්ට්රේීලියානු කණ්ඩායම වෙනුවෙන් ජේසන් බෙන්ඩොර්ෆ් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 3ක් තුළ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ඒ අනුව කණ්ඩායම් දෙකම මේ වන විට එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසු වෙනවා.

MOST VIEWED VIDEO STORIES