Back to Top

ඩුබායි පිටියේ දී සිංහයෝ ටෙස්ට් ජයපැන් බොති

ඩුබායි පිටියේ දී සිංහයෝ ටෙස්ට් ජයපැන් බොති

October 10, 2017  05:58 pm

Bookmark and Share
පාකිස්තානය සමග ඩුබායි හි පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ ලකුණු 68ක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 482ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය.

දෙවැනි ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 96 කට සීමා කළ පකිස්තානුවන් ජයග්‍රහණය සඳහා ලකුණු 317ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියත් ඔවුනට රැස් කරගැනීමට හැකි වූවේ ලකුණු 248ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා ලකුණු 98කට කඩුලු  5ක් දවා ගත්තේය.