Back to Top

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 431ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 431ක් ඉදිරියෙන්

October 8, 2017  09:37 am

Bookmark and Share
පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට පකිස්ථාන කණ්ඩායමට වඩා ලකුණු 431ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටී.
 
ශ්‍රීලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 482ක් ලබාගත් අතර දිමුත් කරුණාරත්න එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 196ක් ලබාගත්තේය.
 
පන්දු 405කට මුහුණදුන් දිමුත් කරුණාරත්න හතරේ පහර 19ක් සහ එක් හයේ පහරක් සිය ඉනිමට අන්තර්ගත කළ අතර වහාබ් රියාස්ගේ පන්දුවක්  කඩුල්ලේ වැදී ඔහුගේ ඉනිම අවසන් විය.
 
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක  වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ දිල්රුවන් පෙරේරා සමත් වු අතර පන්දු යැවීමේ දී යසීර් ෂාහ්  ලකුණු 104කට කඩුලු 6ක් දවා ගත්තේය.
 
 මොහොමඩ් අබ්බාස් කඩුලු දෙකයි.
 
 දිනය අවසන් වන විට පකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 51ක් ලබා සිටී.

MOST VIEWED VIDEO STORIES