Back to Top

විපක්ෂ නායකවරයා වෙනුවෙන් රුසියානු ජනතාව වීදී බසී

විපක්ෂ නායකවරයා වෙනුවෙන් රුසියානු ජනතාව වීදී බසී

October 8, 2017  09:11 am

Bookmark and Share
2018 වසරේ රුසියානු ජනාධිපතිවරණය සඳහා පෙනී සිටීමට එරට විපක්ෂ නායකවරයාට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා රුසියාවේ නගර 80ක විරෝධතා ආරම්භ කර තිබේ.

බන්ධනාගාර ගතව සිටින විපක්ෂ නායක ඇලෙක්ස්සෙයි නවල්නිගේ මෙහෙයවීමෙන් පැවති විරෝධතා අතරතුර ගැටුම් හටගෙන ඇති බව වාර්තාවේ.

විරෝධතා අතරතුර පුද්ගලයන් 250 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

රුසියානු මැතිවරණ නිලධාරීන් පවසන්නේ ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන මැතිවරණය සඳහා විපක්ෂ නායකවරයාට පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවයි.

ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ 65 වන උපන්දිනය යෙදී තිබුණු ඊයේ දිනයේ විරෝධතා සංවිධානය කර තිබීම විශේෂත්වයකි.