Back to Top

සයුරෙන් එතෙර

අමෙරිකාව සතු මිසයිල ආරක්ෂණ පද්ධතියක් සෞදි අරාබියට

අමෙරිකාව සතු මිසයිල ආරක්ෂණ පද්ධතියක් සෞදි අරාබියට

October 7, 2017  09:27 am

Bookmark and Share
අමෙරිකාව සතු මිසයිල ආරක්ෂණ පද්ධතියක් සෞදි අරාබිය වෙත අළෙවි කිරීම සඳහා අමෙරිකානු රජය අනුමැතිය ලබා දී තිබේ.
 
ඩොලර් බිලියන 15ක මුදලකට අදාළ ආරක්ෂණ මිසයිල පද්ධතිය අළෙවි කිරීම සඳහා අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
ඉරානය සහ කලාපීය රටවලින් පවතින තර්ජන හේතුවෙන් මෙම ආරක්ෂණ පද්ධතිය මිලදී ගැනීමට සෞදි ආරාබිය තීරණය කර තිබේ.
 
එමෙන්ම රුසියාවෙන් ගුවන් ආරක්ෂක පද්ධතියක් මිලදී ගැනීමට ද සෞදි අරාබිය විසින් මීට පෙර එකඟතාව පල කර තිබුණි.

MOST VIEWED VIDEO STORIES