Back to Top

සයුරෙන් එතෙර

යුද අභ්‍යාසයකට ත්‍රස්ථ ප්‍රහාරයක්-3ක් මරුට-2ක් තුවාලයි

යුද අභ්‍යාසයකට ත්‍රස්ථ ප්‍රහාරයක්-3ක් මරුට-2ක් තුවාලයි

October 5, 2017  02:22 pm

Bookmark and Share
අමෙරිකානු හා නයිජීරියානු හමුදාව ඒකාබද්ධව සිදුකළ යුද අභ්‍යාසයකට එල්ල වූ ප්‍රහාරයකින් අමෙරිකානු සෙබලුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

නිරිත දිග නයිජීරියාවේදී සිදුකළ මෙම යුද අභ්‍යාසයට නයිජීරියානු අන්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් බොකෝ හරාම් හා අල්කයිඩා ත්‍රස්ථ සංවිධානවලට අනුබද්ධ ත්‍රස්ථ කණ්ඩායමක් බවට සැක පළවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නයිජීරියාවේ අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියා කිරීමට නයිජීරියානු හමුදාවට අවශ්‍ය යුද සහාය ලබාදීම සඳහා අදාළ යුධ අභ්‍යාසය පවත්වා ඇති බව සඳහන් වෙයි.

MOST VIEWED VIDEO STORIES