Back to Top

 ශ්‍රී ලංකාවට ලකුණු 488ක ඉලක්කයක්

AdaDerana Ad

ශ්‍රී ලංකාවට ලකුණු 488ක ඉලක්කයක්

August 13, 2017  01:33 pm

Bookmark and Share



ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 487ක් ලබාගෙන තිබේ.

ඉන්දීය ඉනිම වෙනුවෙන් ශිකර් ධවාන් ලකුණු 119 ක් සහ හර්දික් පාණ්ඩ්යාන ලකුණු 108 ක් ලබාගැනීමට සමත්වුණි.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන් කඩුළු 5 ක් ද මලින්ද පුෂ්පකුමාර කඩුළු 3ක් ද බිඳහෙලීය.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුළු 2ක් දැවී ලකුණු 23ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන මෙම තරගාවලියේ දී ටෙස්ට් වරම් හිමිකරගනිමින් ඉන්දීය සංචිතයට එක් වූ හර්දික් පාණ්ඩ්යාහ අද දිනයේ සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීම විශේෂත්වයකි.

එමෙන්ම ටෙස්ට් තරගයක එක් පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු සංඛ්‍යෙවක් ලබාගත් ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට ද ඔහු අද සමත්වුණි.

ඒ මලින්ද පුෂ්පකුමාරගේ පන්දුවාරයකදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 26ක් ලබාගනිමිනි.

ටෙස්ට් තරගයක එක් පන්දුවාරයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ලාරායි.

ඔහු 2003 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහි දී එක් පන්දුවාරයක් තුළ ලකුණු 28 ක් ලබාගත්තේය.