Back to Top

ශ්‍රී ලංකා-ඉන්දියා තරඟයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකා-ඉන්දියා තරඟයේ දෙවන දිනය අදයි

August 13, 2017  10:56 am

Bookmark and Share


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (12) ආරම්භ වූ තරඟයේ ප්‍රමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට කඩුලු 06ක් දැවී ලකුණු 329ක් ලබාගැනීමට සමත් වුණි.

ඉන්දීය කණ්ඩායම පළමු කඩුල්ල සඳහා ලකුණු 188ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුවද තවත් ලකුණු 141ක් තුළ කඩුලු 06ක් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණි.

ශිකර් දවාන් ලකුණු 119ක් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 85ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී මිලින්ද පුෂ්පකුමාර කඩුලු 03ක්, ලක්ෂාන් සඳකැන් කඩුලු 02ක් සහ විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගැනීමට සමත් වුණි.