Back to Top

 දකුණු අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

දකුණු අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

August 12, 2017  08:37 pm

Bookmark and Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම ආසන්නයේදී රථ වාහන පහක් එකිනෙක ගැටීම හේතුවෙන්  දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා  වාහන ගමන් කරන එක් මන්තීරුවක දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ.

මේ අතර රථ වාහන කිහිපය අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ  පස්වරුවේ රථවාහන පහක් පමණ එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් කොට්ටාව සිට ගාල්ල දෙසට ගමන් ගන්නා මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.