Back to Top

මිනිස් ජාවාරම්කරුවන් සරණාගතයින් මුහුදට තල්ලු කරයි

AdaDerana Ad

මිනිස් ජාවාරම්කරුවන් සරණාගතයින් මුහුදට තල්ලු කරයි

August 10, 2017  02:39 pm

Bookmark and Share
යේමනය ආශ්‍රිත මුහුදේදී සෝමාලියානු හා ඉතියෝපියානු සරණාගතයින් පිරිසක් මිනිස් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා මියයන්නට සලස්වා ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.

යේමනය හරහා ගල්ෆ් කලාපයේ රටවල් වෙත ජාවාරම්කරුවන් විසින් රැගෙනයමින් සිටි සරණාගතයින් 120 දෙනෙකුගෙන් පිරිසක් මෙලෙස බෝට්ටුවලින් මුහුදට තල්ලු කර ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.
 
එහිදී මියගිය සරණාගතයින් 29 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති තවත් 27 දෙනෙකු සහන සේවකයින් පිරිසක් විසින් බේරාගෙන ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් තවත් 22 කු පමණ දියේ ගිලී අතුරුදන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.
 
ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබීම හේතුවෙන් සරණාගතයින් මුහුදට තල්ලු කිරීමට ඔවුන් පියවර ගත් බව දිවි බේරාගත් සරණාගතයින් ප්‍රකාශ කර තිබේ.