Back to Top

 රුමේෂ් රත්නායකට නව තනතුරක්!

රුමේෂ් රත්නායකට නව තනතුරක්!

August 8, 2017  01:54 pm

Bookmark and Share
හිටපු ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු පුහුණුකාර ධුරයට පත් කර තිබේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

53 හැවිරිදි රුමේෂ් රත්නායක මහතා 1982 සහ 1993 කාලය තුළ  ශ්‍රී  ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 23 කට සහ එක්දින තරඟ 70කට සහභාගී වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් අනතුරුව ඔහු පුහුණුකරුවෙකු මෙන්ම උදේශකවරයෙකු ලෙසද කටයුතු කළේය.