Back to Top

ලන්ඩනයේ ගින්නෙන් මිය ගිය ගණන තවත් ඉහළට

AdaDerana Ad

ලන්ඩනයේ ගින්නෙන් මිය ගිය ගණන තවත් ඉහළට

June 16, 2017  01:32 pm

Bookmark and Share
බටහිර ලන්ඩනයේ මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 100ක් පමණ දක්වා ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට එරට බලධාරින් විසින් මේ වන විට තහවුරු කර තිබේ.

ගින්න ඇති වන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ සිටි තවත් පුද්ගලයින් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී අතර තෙවන දිනටත් අද(16) එහි සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන බව සඳහන් වෙයි.

පසුගිය අඟහරුවාදා අළුයම මහල් 24කින් සමන්විත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් එම ගොඩනැගිල්ල සම්පුර්ණම විනාශ විය.