Back to Top

සයුරෙන් එතෙර

රුසියානු ගුවන් ප්‍රහාරයකින් ISISනායකයා මරුට?

රුසියානු ගුවන් ප්‍රහාරයකින් ISISනායකයා මරුට?

June 16, 2017  01:28 pm

Bookmark and Share
රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ කියා සිටියේ මේ පිළිබඳ තොරතුරු පරීක්ෂා කරමින් සිටින බවයි. 

රුසියාව විසින් සිරියාවේ දී එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්තවාදී නායකයා මිය යන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

සිරියාවේ රඛා ප්‍රදේශයට පසුගිය මැයි 28 වන දා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්ත නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.