Back to Top

පකිස්ථානය හා ඉන්දියාව අවසන් තරගයට

පකිස්ථානය හා ඉන්දියාව අවසන් තරගයට

June 16, 2017  09:41 am

Bookmark and Share
ලබන ඉරිදා පැවැත්වෙන අයි.සී.සී ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරඟයේදී  පකිස්ථාන කණ්ඩායම සමඟ තරග වැදිමට ඉන්දිය කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

ඊයේ(15) පැවැති අවසන් පූර්ව වටයේ තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදවා කඩුලු 09ක පහසු ජයක් ලැබීමට ඉන්දිය කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 දී කඩුලු 07ක් දැවී ලකුණු 264ක් ලබා ගත්තේය.

එහිදී තමිම් ඉක්බාල් සහ මුෂ්ෆිකර් රහීම් අර්ධ ශතක ලබා ගැනිමට සමත් විය.

ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 123ක් සහ විරාත් කෝලි නොදැවී ලකුණු 96ක් ලබා ගත්තේය.

කෝලි එම තරගයේදී එක්දින ජාත්‍යන්තර තරග ලකුණු අට දහසේ සීමාව පසු කළ අතර එම ඉලක්කය පසු කළ වේගවත්ම ක්‍රීඩකයා බවට ද පත් විය.

ඉන්දිය කණ්ඩායම ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවේ සිව්වෙනි වරටයි.

පසුගිය කාලය තුළ ලෝක මට්ටමේ පන්දුවාර 50 තරඟාවලි හතරෙන් තුනකදීම ඉන්දිය කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීම ද විශේෂත්වයක් වෙයි.