Back to Top

කටාර් රාජ්‍ය හා අමෙරිකාව අතර වෙළෙඳ ගිවිසුමක්

AdaDerana Ad

කටාර් රාජ්‍ය හා අමෙරිකාව අතර වෙළෙඳ ගිවිසුමක්

June 16, 2017  09:30 am

Bookmark and Share

කටාර් රාජ්‍ය එෆ් 15 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනිම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සමඟ ඩොලර් බිලියන 12ක වෙළද ගිවිසුමක් අත්සන් කර තිබේ.

වොෂිංටන් නුවරදී එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රධානී ජිම් මැටිස්  සහ කටාර් රාජ්‍යයේ  නියෝජිතයා අතර පැවති හමුවකින් අනතුරුව මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතා ඉහළ මට්ටමින් කටාර් රාජ්‍ය  ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  විසින් චෝදනා එල්ල කිරිමෙන් දින කිහිපයකට පසු මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන් වෙයි.

කටාර් රාජ්‍ය අන්තවාදි කණ්ඩායම්වලට සහයෝගය ලබාදිම සහ ඉරානය සමඟ පවතින සබඳතා මඟින් කලාපය අස්ථාවර කෙරෙන බවට චෝදනා කරමින් අසල්වාසී රටවල් කිහිපයක් ද කටාර් රාජ්‍ය සමඟ පැවති සබඳතා අත්හරිනු ලැබීය.