Back to Top

ඉරාන ප්‍රහාරයකින් ත්‍රස්ථ සාමාජිකයින් 3 ක් මරුට

ඉරාන ප්‍රහාරයකින් ත්‍රස්ථ සාමාජිකයින් 3 ක් මරුට

June 15, 2017  10:46 am

Bookmark and Share
ඉරාන ආරක්ෂක අංශ විසින් සිදුකළ ප්‍රහාරයකින් ඉස්ලාමීය ත්‍රස්ථ සංවිධානයක සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තිබේ.

එරට චබාහාර් ප්‍රදේශයේදී සුන්නි මුස්ලිම් ජිහාඩ් සංවිධානයට අයත් සාමාජිකයින් පිරිසක් සහ ඉරාන ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී සටන්කාමීන් තිදෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී තවත් සටන්කාමීන් පස් දෙනෙකු ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සතියේ ඉරානයේ ටෙහෙරාන් නගරයේ ස්ථාන දෙකකට අයි.එස් සටන්කාමීන් එල්ල කල ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇත.

සිද්ධියට අදාළව ඉරාන ආරක්ෂක අංශ විසින් පුද්ගලයින් පනස් දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.