Back to Top

ලන්ඩනයේ ගින්නෙන් 6 ක් මරුට

AdaDerana Ad

ලන්ඩනයේ ගින්නෙන් 6 ක් මරුට

June 14, 2017  05:27 pm

Bookmark and Share

බටහිර ලන්ඩනයේ, ලැටිමර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවට එරට පොලීසිය තහවුරු කර තිබේ.

කෙසේ වෙතත්  මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වා දී ඇත.
 
ගිනි ගැනීමට ලක්වූ මහල් නිවාසයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර තුවාල ලැබූ පුද්ගලයින් 60 දෙනෙකු පමණ මේ වන විට ලන්ඩන් නුවර රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සඳහන් වෙයි.

ගින්න හේතුවෙන් ගොඩනැඟිල්ල තුළ සිර වී සිටි පුද්ගලයින් විශාල පිරිසක් බේරා ගැනීමට ගිනි නිවන භටයින් සමත්ව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.