Back to Top

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ මියගිය ගණන 133  දක්වා ඉහළට

බංග්ලාදේශයේ මියගිය ගණන 133 දක්වා ඉහළට

June 14, 2017  01:43 pm

Bookmark and Share
බංග්ලාදේශයේ හටගත් නාය යාම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 133 දක්වා ඉහළ ගොස් තිබේ.

එරටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශයේ ප්‍රදේශ කිහිපයක නායයාම් සිද්ධීන් වාර්තා විය.

රන්ගමාටි දිස්ත්‍රික්කයේ නායයාම් හේතුවෙන් පුද්ගලයින් 98 දෙනෙකු මියගොස් ඇති අතර චිතගොන්හි පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර සහන කණ්ඩායම් විසින් ඔවුන් සෙවීමේ මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.