Back to Top

අවසන් පූර්ව තරඟයට එංගලන්ත පිල සුදානම්

AdaDerana Ad

අවසන් පූර්ව තරඟයට එංගලන්ත පිල සුදානම්

June 14, 2017  11:24 am

Bookmark and Share
පකිස්ථානයට එරෙහි අවසන් පූර්ව තරඟය සඳහා සිය කණ්ඩායමට මනා සැලැස්මක් පවතින බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ඉයන් මෝර්ගන් පවසයි.

අවසන් පූර්ව තරඟයට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්  එංගලන්ත ක්‍රිකට් නායකයා මේ බව ප්‍රකාශ කළේය.

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ ප්‍රථම තරඟය එංගලන්තය සහ පකිස්ථානය අතර අද කාඩිෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එරට වේලාවෙන් පෙරවරු 10.30ට එම තරඟය ආරම්භ වීමට නියමිතව තිබේ.