Back to Top

බන්දුල ජනපති හමුවීමට සැරසෙයි

බන්දුල ජනපති හමුවීමට සැරසෙයි

January 14, 2018  06:16 pm

Bookmark and Share
Ad


2008 වසරේ සිට 2014 දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බැඳුම්කරවල වංචාවක් සිදුව ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව හෙට දිනය තුළ විශේෂ ප්‍රකාශයක් සිදුකල යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මහ බැංකුව විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකලහොත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ එම කාලය තුළ එවැනි වංචාවක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් එවකට රජයේ කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා වගකිව යුතු බවයි.