Back to Top

ඇපල් පෙති 4000 ක් ඇතුළු තවත් නීති විරෝධී ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් ගුවන් තොටේදී පොලිස් අත්අඩංගුවට

ඇපල් පෙති 4000 ක් ඇතුළු තවත් නීති විරෝධී ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් ගුවන් තොටේදී පොලිස් අත්අඩංගුවට

January 14, 2018  05:43 pm

Bookmark and Share
Ad


මත් පෙති, ගබ්සා පෙති සහ මාවා නැමැති මත් කුඩු නීති විරෝධීව මෙරටට ගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අද (14) උදෑසන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

ඔවුන් සතුව තිබී මත්පෙති 4000ක්, ගබ්සා පෙති 1260ක්, මාවා මත් කුඩු අඩංගු ඩප්පි 50 ක් සහ විටමින් ඩී අඩංගු කුඩා වීදුරු බෝතල් 90ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සහ 62 හැවිරිදි වියේ පසු වන්නන් බව සදහන්ය.

ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.