Back to Top

මත්පැන් බෝතල් 15 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

මත්පැන් බෝතල් 15 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

January 14, 2018  04:03 pm

Bookmark and Share
Ad


තෛපොංගල් දිනයේ වතුකරයේ අලෙවි කිරිම සඳහා බලපත‍්‍රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් පහළොවක් රැගෙන ගිය සැකකරුවෙකු තලවාකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ දිඹුල මංසන්ධියේ යෙදු හදිසි මාර්ග බාධකයේදි මෙම සැකකරු ති‍්‍රරෝද රථයකින් මෙම මත්පැන් බෝතල් තොගය දිඹුල ප‍්‍රදේශයේ වතුයායක අලෙවි කිරිමට රැගෙන යමින් සිටි බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් කියා සිටියේය.

තෛපොංගල් දිනය වන අද (14)  නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ සියළුම මත්පැන් අලෙවි සැල් වසා තිබිම නිසා වැඩි මිළට මත්පැන් අලෙවි කිරිමට මෙම සැකකරු මත්පැන් බෝතල් තොගය රැගෙන යමින් සිටි බවට තොරතුරු හෙළිවී තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරු මත්පැන් බෝතල් තොගය සහ ති‍්‍රරෝද රථය අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා දිඹුල පොලිසිය වෙත භාරදි තිබේ.