Back to Top

තෛයිපොංගල් දිනය අදයි

තෛයිපොංගල් දිනය අදයි

January 14, 2018  08:04 am

Bookmark and Share
Ad



ලෝකවාසි හින්දු බැතිමතුන් අද තෛයිපොංගල් උත්සවය සමරයි.

සූර්ය දෙවි වන්දනාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් පැවැත්වෙන සංස්කෘතික මංගල්‍යයක් ලෙස තෛයිපොංගල දින උත්සවය සැමරෙයි.

ඒ නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ කෘෂිකර්මාන්තය වටා ගොඩනැගුණු ගැමි ප්‍රජාවගේ මානවීය ගුණාංග තවත් සමාජය තුළ තහවුරු කිරිමට මෙම උත්සවය වැදගත් වන බවයි.

හින්දු ආගමිකයින් තෛයිපොංගල් සමය නව වසරක ශුභාරම්බය ලෙස සලකන බැවින් හින්දු ජනයාගේ ජිවිත අර්ථවත් හා සෞභාග්‍යවත් වේවායි ප්‍රර්ථනා කරන බව ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් දැක්වේ.

සුබ පැතුම් එක් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෛයිපොංගල් උත්සවය සලකන්නේ මානව ජිවිතය සමෘද්ධිමත් කිරිම සඳහා ජිවය ලබා දෙන, සොබා දහමට කෘතවේදීත්වය පුදකරන අවස්ථාවක් ලෙසයි.

වාර්ගික ආගමික භේද ඉක්මවා සාමය සහෝදරත්වය රජයන මානව සමාජක් ගොඩනැගීමට තෛයිපොංගල් උත්සවය ප්‍රදර්ශයක් වේවා යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රර්ථනා එක් කර තිබේ.