Back to Top

2018 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හෙට

2018 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හෙට

January 14, 2018  06:02 am

Bookmark and Share
Ad


2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට (15) කොළඹ ඉසිපතන විද්‍යාලයේ දී පෙ.ව. 8.00 ට පැවැත්වීමට නියමිතව ඇත.
 
ඊට සමගාමීව සියලු ම රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන/ නොලබන පෞද්ගලික පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙ‍ස පන්ති ආරම්භ කිරීම සිදු කරන ලෙස, සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී තිබේ.