Back to Top

දයා මාස්ටර්ට පහරදීලා තියෙන්නේ මානසික රෝගියෙක් ?

දයා මාස්ටර්ට පහරදීලා තියෙන්නේ මානසික රෝගියෙක් ?

January 12, 2018  09:35 pm

Bookmark and Share
Ad


එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් ට තියුනු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයා  මානසික රෝගියෙක් බව ඔහුව අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී ප්‍රකාශ වී තිබේ.

යාපනයේ පිහිටි පෞද්ගලික රූපවාහිනී මධ්‍යස්ථානයක ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරකවරයා වශයෙන් දයා මාස්ටර් රාජකාරී කරමින් සිටි අවස්ථාවේදී ඔහු අසලට පැමිණි වයෝවෘද්ධ පුද්ගලයෙකු මුලින්ම අතින් පහරදී පසුව දයා මාස්ටර් වාඩි වී සිටි පුටුවෙන්ම ප්‍රහාරයක් එල්ල කළේය.

දයා මාස්ටර්  එම ප්‍රහාරයන් වැලැක්වූ අවස්ථාවේදී ඔහු එතැනින් පලාගොස් යළි රූපවාහිනී මධ්‍යස්ථානය තුලට කඩා වැදුණේ එක් අතකින් මන්නා පිහියක් හා අනෙක් අතෙන් යකඩ පොල්ලක්ද සහිතවය.

පසුව මේ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී ප්‍රකාශ වී ඇත්තේ ඔහු මානසික රෝගයකින් පෙළෙන බවයි.

යාපනය දිසා විනිසුරුවරයා අදාල සැකකරුව රෝහල් ගත කොට ඔහු පිළිබදව පූර්ණ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරණ මෙන් පොලීසියට නියෝග කොට තිබේ.