Back to Top

රජයට ඉතිරි වූ සල්ලි කෝ?

රජයට ඉතිරි වූ සල්ලි කෝ?

August 13, 2017  11:25 am

Bookmark and Share



ලෝක වෙළෙඳපලේ තෙල් මිල පහළයාම හේතුවෙන් රජයට ඉතිරි වූ මුදලට කුමක් සිදුවූයේද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එම ඉතිරි වූ මුදල ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් බවයි.

මේ අතර වසර දෙකකට වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතුව මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව පරාජයට පත්වන නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පසුගිය ආණ්ඩුව තුළ මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මේ වන විටත් ජාත්‍යන්තර සම්බාධකවලට පවා මුහුණදීමට සිදුවිය හැකිව තිබූ බවයි.

මේ අතර මැතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගාල්ල ප්‍රදේශයේදී පැවසීය.


MOST VIEWED VIDEO STORIES