Back to Top

 STF රියට වෙඩි තැබීමේ සිද්ධිය-සැකකරුවන් 2ක් රෝහලේ-2ක් පොලීසියට බාරදෙයි

STF රියට වෙඩි තැබීමේ සිද්ධිය-සැකකරුවන් 2ක් රෝහලේ-2ක් පොලීසියට බාරදෙයි

August 13, 2017  08:26 am

Bookmark and Share


මීගමුව, කුරණ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය සමඟ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලීසිය පැවසුවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මීගමුව පොලීසියට බාරදී ඇති බවයි. 
 
 සැකකරුවන් ගමන් කළ වෑන් රථය ලුහුබඳිමින් සිටින අවස්ථාවේදී එම වෑන් රථයේ සිටි සැකකරුවන් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

එහිදී පොලීසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර සැකකරුවන් පසුව අත්අඩංගුවට ගැනුණි.

වෑන් රථයේ තිබී ගිනි අවි කිහිපයක් ද සොයාගත් බව පොලීසිය පැවසුවේය.