Back to Top

රට රැකියා දෙන ජාවාරම්කරුවෙක් උකුසු ඇසට

AdaDerana Ad

රට රැකියා දෙන ජාවාරම්කරුවෙක් උකුසු ඇසට

June 13, 2017  11:31 am

Bookmark and Share
ඩුබායිහි ජීවිතාරක්ෂක ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් ජාවාරම්කරුවෙකු විසින් තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පිරිසකට මුදල් වංචා සිදුකර තිබෙන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුයේය.

ඒ අනුව අද දෙරණ උකුස්සා කිරින්ද ප්‍රදේශයට පිටත්ව යන්නේ මේ ජාවරම්කරුට හමුවීමේ අරමුණින්ය.

එහිදී ජවාරම්කරුගේ වංචාවට හසුවූ පුද්ගලයින් සිය අත්දැකීම් විස්තර කළ අතර ඒ අනුව වූ අද දෙරණ උකුස්සා ජාවාරමට හසුවූ පුද්ගලයෙකු සමඟ තිස්සමහාරාම ප්‍රදේශයේ සිට පැමිණ කොළඹ රාජගිරිය ප්‍රදේශයේදී ජාවාරම්කරු හමු වු අතර එහිදී ඔහු කිසිදු සැකයක් නොසිතෙන අයුරින් මුදල් ලබා ගත්තේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගැනීමට බව පවසමින්ය.

අනතුරුව ජාවාරම්කරු මෙම ස්ථානයෙන් පිටව ගිය අතර මෙම ජාවාරම්කරුට හසුවූ පුද්ගලයෙකු සඳහන් කළේ ජාවාරම්කරු මේ වන විට ඔහුගේ පදිංචිව සිටි නිවසින් පලාගොස් ඇති බවයි.

මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු තවදුරටත් රට හමුවේ අනාවරණය කිරීමට උකුස්සා සූදානම්. ඔබටත් මෙවැනි අත් දැකීම් ඇත්නම් අපට දන්වන්න.