Back to Top

 රත්‍රං සඟවාගෙන රට පනින්න බැරි වෙයි!

AdaDerana Ad

රත්‍රං සඟවාගෙන රට පනින්න බැරි වෙයි!

August 13, 2017  01:28 pm

Bookmark and Share


නීති විරෝධීව රත්‍රං තම ශරීරයේ සඟවාගෙන විදෙස්ගතවීමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයින් තිනෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ රත්‍රං තොගය රහසිගතව ශරීරයේ සඟවාගෙන මොවුන් විදෙස් ගත වීමට උත්සහ දරා තිබේ.

මොවුන් වයස අවුරුදු 53,32 හා 43 වන ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු බව සඳහන්ය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

මොවුන් සතුව තිබී රත්‍රං ග්‍රෑම් 119.91 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳව ගුවන්තොටුපල රේගුව වැඩිදුර විමර්ශන සිදු කරයි.