Back to Top

සුමාත්‍රාවේ භූ කම්පනයක්-වෙරළාශ්‍රිත ජනතාව අවධානයෙන් සිටින්න!

AdaDerana Ad

සුමාත්‍රාවේ භූ කම්පනයක්-වෙරළාශ්‍රිත ජනතාව අවධානයෙන් සිටින්න!

August 13, 2017  11:05 am

Bookmark and Share



ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත ආසන්නයේ අද(13) පෙරවරුවේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6.5ක් ලෙස සටහන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

කෙසේවෙතත් මේ වන තෙක් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති අතර  මෙය දැනුවත් කිරීමක් පමණක් වන බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බව  ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

 මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් මාධ්‍ය ඔස්සේ සිදු කරන දැනුවත් කිරීම් පිළිබඳව අවධානයෙන් පසුවන  ලෙස ද  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි