Back to Top

අනතුරු 4යි-මරණ 4යි

අනතුරු 4යි-මරණ 4යි

August 13, 2017  11:01 am

Bookmark and Share
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

කෑගල්ල, මහව, අම්බලන්තොට, සහ පානදුර යන ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

කෑගල්ල - පොල්ගහවෙල මාර්ගයේ බංගලාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් ත්‍රී රෝද රථයේ  රියදුරු සහ එහි පිටුපස ගමන් කළ කාන්තාව තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇති බව සඳහන්ය.

මියගොස් ඇත්තේ ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවකි.

මේ අතර මහව, වදුරැස්ස ප්‍රදේශයේදී කැබ් රථයක පදික කාන්තාවක ගැටීමෙන් එම කාන්තාව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වදුරැස්ස  ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක බව සඳහන්ය.

අනතුර සිදු කළ කැබ් රථය පළාගොස් ඇති අතර එම කැබ් රථය මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අම්බලන්තොට, කරුවලගස්වැව ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.

පානදුර දකුණ, පෙරේරා මාවතේදී ද යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව ගසක ගැටීමෙන් සිදු වු අනතුරින් 26 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.