Back to Top

 උදෑසන වැසි ඇතිවිය හැකියි

උදෑසන වැසි ඇතිවිය හැකියි

August 13, 2017  09:49 am

Bookmark and Share


බස්නාහිර වෙරළ බද ප්‍රදේශවලට සහ යාපනය දිස්ත්‍රික්කයට අද (13) උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද යන පළාත් වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නැගෙනහිර සහ ඌව පළාත්වලටත් මුලතිව් දිස්ත්‍රික්කයටත් මිලිමීටර් 75කට වැඩි, තරමක තද වැසි අපේක්ෂා කෙරෙයි.

මන්නාරම සහ කණ්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ වලටද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.