Back to Top

2017 ශූරයන්ගේ කුසලානය පකිස්ථානයටයි

AdaDerana Ad

2017 ශූරයන්ගේ කුසලානය පකිස්ථානයටයි

June 18, 2017  09:56 pm

Bookmark and Share
2017 ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය  කිරීමට පකිස්ථානය සමත්විය.

ඒ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 180 කින් ජයග්‍රහණය  කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් රැස් කළේය.

ෆකාර් සමන් 114 යි.

පන්දු 106 කින් ලබාගත් එම ලකුණු 114 ට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය. 

අසාර් අලි 59 යි.

මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 57 ක් රැස් කලේ පන්දු 37 කින්ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 30 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 158ක් පමණි.

රෝහිත් ශර්මා කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත් විය.

නායක විරාත් කෝලි ලකුණු 5 යි.

මහේන්ද්‍ර  සිං ධෝනි ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියේය.

යුවරාජ් සිං ලකුණු 22 ක් සහ ශිකර් ධවාන් ලකුණු 21 ක් ලබාගත්තේය.