Back to Top

ගංජා කිලෝ 142 ක් සමඟ අයෙක් කොටුවෙයි

AdaDerana Ad

ගංජා කිලෝ 142 ක් සමඟ අයෙක් කොටුවෙයි

June 16, 2017  03:59 pm

Bookmark and Share
සිලාවතුර, කරදක්කුලිය, මරිච්චිකට්ටි ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 142ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත මන්නාරම දිසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිළධාරින්ගේ සහය ඇතිව සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

එහිදී එම ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබූ යතුරුපැදිය ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ අදාළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයට භාරදුන් බව නාවික හමුදාව සඳහන් කරයි.