Back to Top

දුමෙන් පීඩිත ශ්වසන රෝගීන්

දුමෙන් පීඩිත ශ්වසන රෝගීන්

June 18, 2017  

Bookmark and Share
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ස්වසන රෝගී ඒකකය අසල රෝහල කසළ දහනය කිරීමෙන් එහි ප්‍රථිකාර ලබන රෝගීන් හා රෝහල් කාර්යය මණ්ඩලය දැඩි ලෙස පිඩාවට පත්ව ඇතැයි ඔවුන් පවසයි. ස්වසන රෝග ඒකකයට මීටර් 50ක පමණ දුරින් රෝහල් කසළ කලමනාකරණ ඒකකය පිහිටා ඇති අතර එහි කසළ දහනය කිරීම දින තුනකට වරක් සිදු කරනු ලබයි. ඉවත ලන ප්ලාස්ටික් බෝතල් හා ඉටිකොළ දහනය වීමේ දී ප්‍රදේශය පුරා විශාල ද දුර්ගන්ධයක් හා දුමක් පැතිරයනු ලබයි. එම ස්ථානයට ආසන්නයේම පිහිටි ස්වසන රෝගී ඒකකය තුළට දහනය වන ද්‍රව්‍යයන් කුඩා කොටස් දුමත් සමඟ පැමිණීමෙන් රෝගීන් හා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි ලෙස පිඩාවට පත්වන අතර මේ හේතුවෙන් ස්වසන රෝගීන් සුව වනවා වෙනුවට ඔවුන්ගේ රෝගී තත්ත්වය වර්ධනය වන බවට ඔවුන් චොදන කරනු ලබයි.