Back to Top

 මත්ද්‍රව්‍ය-සංවිධානාත්මක අපරාධකරුවන් ගැන කියන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්

AdaDerana Ad

මත්ද්‍රව්‍ය-සංවිධානාත්මක අපරාධකරුවන් ගැන කියන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්

August 13, 2017  01:15 pm

Bookmark and Share


මත්ද්‍රව්‍ය  පිළිබඳ සහ සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මෙම මෙහෙයුම් මැදිරිය 24 පැය පුරා ක්‍රියාත්මක බවයි.

මත්ද්‍රව්‍ය  හා සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ඇත්නම් 011 2 580 518, 011 2 058 552 සහ 011 2 081 040 යන දුරකථන අංක ඔස්සේ  දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය  මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම ෆැක්ස් අංක 011 2 081 044 හා 011 2 588 499 ඔස්සේත් එවැනි තොරතුරු දැනුම්දිය හැකි අතර විද්‍යුත් තැපෑල ඔස්සේ ද තොරතුරු ලබාදීමට පහසුකම් සලසා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.